තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුංචි ඡන්දෙ ගැන තීරණ ගන්න විශේෂ සාකච්ඡාවක් අනිද්දා

    පුංචි ඡන්දෙ ගැන තීරණ ගන්න විශේෂ සාකච්ඡාවක් අනිද්දා

    පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කිරීම සහ නාම යෝජනා භාර ගන්නා කාල සීමාව තීරණය කිරීම සඳහා විශේෂ කොමිෂන් සභා රැස්වීමක් අනිද්දා (23) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම කොමිෂන් සභා රැස්වීම එදින පෙරවරු 10ට පැවැත්වීමට නියමිත අතර එහිදී නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

    මේ අතර මැතිවරණ මැතිවරණවලදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් හෙට (22) පස්වරුවේ පැවැත්වීමට ද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබේ.

    එම රැස්වීමෙන් පසුව සිකුරාදා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට නියමිත අතර ඒ සඳහා ඔවුන් කොළඹට කැඳවා තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img