තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුවඳ විලවුන් ආනයන තහනමෙන් ලක්ෂ 10කගේ රැකියා අනතුරේ

    සුවඳ විලවුන් ආනයන තහනමෙන් ලක්ෂ 10කගේ රැකියා අනතුරේ

    සුවඳ විලවුන් වර්ග ආනයන තහනම ඉවත් නොකිරීම නිසා පුද්ගලයින් ලක්ෂ 10 කගේ පමණ ජීවනෝපාය අහිමි වීමේ ඛේදවාචකයකට මුහුණ පා ඇතැයි සුවඳ විලවුන් ආනයනකරුවෝ පවසති.

    මාස පහකට අධික කාලයක් තිස්සේ ආනයනය තහනම් කිරීම නිසා රජයට විශාල බදු ආදායමක් අහිමි වී ඇති අතර ජාවාරම්කරුවන් පිරිසක් හොර පාරෙන් සුවඳ විලවුන් වර්ග රට තුළට රැගෙන එන බවද ඔවුහු පවසති.

    විශේෂයෙන් සංචාරක කර්මාන්තය නංවාලීමට උනන්දුවක් දක්වන කාලයක ආනයනික සහ ගුණාත්මක භාවයෙන් ඉහළ සුවද විලවුන් වර්ග වෙළෙඳ වෙළඳපොළෙන් මිලදී ගැනීමට නොහැකිවීමෙන් සංචාරකයින් අපහසුතාවයට පත්වන බවද ආනයනකරුවෝ කියති.

    සුවඳ විලවුන් වර්ග ආනයනය කිරීමේදී ආනයනික තොගයේ වටිනාකමට වඩා වැඩි මුදලක් බඩු වශයෙන් ගෙවන අතර තහනම නිසා රජයට විශාල බදු ආදායමක් මාස පහක් තිස්සේ අහිමි වී ඇතැයි ද ඔවුහු සඳහන් කරති.

    ආනයනික භාණ්ඩ සඳහා වන තහනම පියවරෙන් පියවරට ඉවත් කිරීමේදී සුවඳ විලවුන් වර්ග සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ආනයනකරුවෝ පවසති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img