තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්15000 ක් සේවය හැරයන්න සූදානම්

    15000 ක් සේවය හැරයන්න සූදානම්

    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට ලබාදී ඇති පොදු සමාකාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරයි.

    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේ පොදු සමාකාලය ප්‍රකාශයට පත්කළ දින සිට ඊයේ (14) දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බවයි.

    පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර තිබෙන බවද ඔහු සඳහන් කරයි.

    තවත් නිලධාරීන් 194 දෙනෙකුගේ නිශ්කාශන වාර්තා ලබාගැනීමෙන් පසුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img