තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මී උණ වේගයෙන් පැතිරේ

    මී උණ වේගයෙන් පැතිරේ

    මී උණ ව්‍යාප්තියේ වැඩිවීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

    වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන් සහ අක්මා රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

    විශේෂයෙන්ම කුඹුරු ඉවුරු ආශ්‍රිතව එළිපෙහෙළි කිරීමේදී ප්‍රවේශම් වන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ට උපදෙස් දෙයි.

    ගොවිතැන් කටයුතු සඳහා යොමු වීමට පෙර අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කර සිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img