තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරු ලේඛන පෙන්වා ලොක්කන් නොමඟ යැවූ දුම්රිය වෘත්තිය සමිතියක් ගැන විමර්ශනයක්

    බොරු ලේඛන පෙන්වා ලොක්කන් නොමඟ යැවූ දුම්රිය වෘත්තිය සමිතියක් ගැන විමර්ශනයක්

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘නව දුම්රිය සේවක එකමුතුව’ නමැති වෘත්තීය සමිතියේ ප්‍රධාන නිලධාරීන් ව්‍යාජ ලිපි ලේඛන සකසා දුම්රිය සාමාන්‍යඅධිකාරිවරයා සහ වෘත්තීය සමිති කොමසාරිස්වරයා නොමග යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    නව දුම්රිය සේවක එකමුතුවේ ප්‍රධාන නිලධාරීන් 2019 වසරේ ජුලි මස 25 වැනි දින කොළඹ මරදාන අලෙවි මවුලානා උත්සව ශාලාවේ සංවත්සරික මහ සභා රැස්වීමක් පැවැත්වූ බවට ව්‍යාජ ලිපි ලේඛන සකසා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට සහ වෘත්තිය සමිති කොමසාරිස්වරයාට ලබාදී ඔවුන් නොමඟ යවා ඇති බවට එම වෘත්තීය සමිතියේ උපසභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කර තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක හමුදාවේ උප පරීක්ෂකවරයකු යටතට එම විමර්ශනය බාර දී තිබේ.

    නව දුම්රිය සේවක එකමුතුව 2018 වසරේ මැයි මාසයේදී ආරම්භ කළ වෘත්තීය සමිතියක් වන අතර ප්‍රධාන උප දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සේවකයෝ 300ක් පමණ එහි සාමාජිකත්වය දරති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img