තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගණිකාවන් ලෙස ඕමානයට කතුන් පටවන තැරැව්කරුවන් දෙදෙනක් රිමාන්ඩ්

    ගණිකාවන් ලෙස ඕමානයට කතුන් පටවන තැරැව්කරුවන් දෙදෙනක් රිමාන්ඩ්

    මෙරට කාන්තාවන් සංචාරක වීසා මගින් ඕමානයට රැගෙන ගොස් එහිදී ගණිකාවන් ලෙස අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගත්තේය.

    පල්ලෙකැලේ සහ කුරුණෑගලදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරුවන් දෙදෙනාව අද (22) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කරනු ලැබීය.

    මෙම ජාවාරමේ මහ මොළ කාරියක් බව සඳහන් වූ ආශා දිසානායක නැමැති කාන්තාව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 03ක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.

    ඇය කාලයක් තිස්සේ මෙම ජාවාරමට සම්බන්ධව සිටින තැනැත්තියක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන ඇති අයෙකි.

    සංචාරක වීසා මගින් විටෙන් විට ඕමානයට යන එන තැනැත්තියක් වන මැය අවසාන වතායට ඕමානයට ගොස් පැමිණ ඇත්තේ අගෝස්තු 06 වෙනිදා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය.

    ඕමානයේ ධනවතුන්ට මෙරට කාන්තාවන් අලෙවි කිරීමට ඝෘජුවම ඇය සම්බන්ධව සිටින තැනැත්තියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img