තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් වාර විභාගයේ කොළඹ ප්‍රශ්න පත්‍ර පිටවෙලා!

    පාසල් වාර විභාගයේ කොළඹ ප්‍රශ්න පත්‍ර පිටවෙලා!

    පාසල්වල දෙවන වාර විභාගය මේ දිනවල පැවැත්වෙන අතර කොළඹ කලාපයේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි වාර්තා වෙයි.

    කොළඹ අධ්‍යාපන කලාපය මගින් විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටි (CD) පාසල්වලට ලබාදී ඇති අතර ඒවා මුද්‍රණය කර විභාග පවත්වන්නැයි පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබිණ.

    ඒ ඒ පාසල් පහසු ස්ථානවලින් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරගෙන තිබෙන අතර ඒවායේ රහස්‍යභාවය පිළිබඳ කිසිදු තැකීමක් කර නැතැයි ද වාර්තා වේ.

    දෙවන වාර විභාගයේ 10 ශ්‍රේණියේ සිසුන්ට අද විද්‍යා විෂය පැවති අතර කොළඹ පාසල් සිසුන් විද්‍යාව ප්‍රශ්න පත්‍රය සහ පිළිතුරු අතැතිව පාසල් පැමිණ සිටි බව ද ගුරුවරු කිහිප දෙනෙක් පැවසූහ.

    කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර රහස්‍ය ලෙස ඒවා බෙදා හැරීමට පියවර නොගැනීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ගුරුවරු සඳහන් කළහ.

    මේ පිළිබඳව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ විමර්ශන වාර්තාවක් කැඳවා තිබෙන බවය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img