තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය යෝජනා වැඩකරනවද බලන්න රජය කරන්න යන දේ..

    අයවැය යෝජනා වැඩකරනවද බලන්න රජය කරන්න යන දේ..

    මුදල් අමාත්‍යාංශය යටතේ අයවැය කාර්යාලයක් ස්ථාපනය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    2023 අයවැය යෝජනා ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව හා ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම කාර්යාලය ස්ථාපිත කරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

    2023 අයවැය යෝජනාවල පසුවිපරම් කටයුතු සිදුකරමින් එම යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම් ඊට හේතුවන ගැටළු සොයාබලා විසඳුම් ලබාදීමට මෙම කාර්යාලය ස්ථාපිත කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මීට පෙර ශ්‍රී ලංකාවේ අයවැය ලේඛන 76ක් ඉදිරිපත් කරන අතර මෙවැනි කාර්යාලය ස්ථාපනය කරන පළමු අවස්ථාව මෙය බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img