තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේගු -දේශීය ආදායම් -සුරාබදු පුරප්පාඩු බඳවා ගත් උපාධිදාරීන්ට

    රේගු -දේශීය ආදායම් -සුරාබදු පුරප්පාඩු බඳවා ගත් උපාධිදාරීන්ට

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    එම දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථාවන් උල්ලංඝනය නොවන අයුරින් හා කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව තරග විභාගයකින් එම බඳවා ගැනීම් සිදුකරන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 773ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 434ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ 331ක් වශයෙන් මේ වන විට පුරප්පාඩු පවතී.

    රටේ පවතින ආර්ථික තත්වය හමුවේ රාජ්‍ය සේවයට අලුතින් බඳවා නොගන්නා අතර, දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට එම අවස්ථා ලබාදීමට නියමිතය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img