fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය' මන්ත්‍රී ආර්.සම්බන්ධන්ට

    ‘ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය’ මන්ත්‍රී ආර්.සම්බන්ධන්ට

    Institute of politics ආයතනය විසින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා කැපවෙන දේශපාලනඥයින්ට සම්මාන පිරිනැමීමේ උත්සවයක් ඉකුත් පස් වැනිදා පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

    එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා කැපවන ජේෂ්ඨ දේශපාලන චරිතය සඳහා ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන ‘ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය’ හිටපු විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාට හිමිවිය.

    වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සහ වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා එම සම්මාන ලැබූහ.

    Institute of politics ආයතනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති හැදෑරීම සඳහා වන ආයතනයක් වන අතර වාර්ෂිකව එම ආයතනය මගින් ඩිප්ලෝමා පාඨමාලා පවත්වා ඉන් සමත් වන්නන්ට ඩිප්ලෝමාව පිරිනමනු ලබයි.

    එම ඩිප්ලෝමා පිරිනැමීමේ උත්සවයට සමගාමීව වාර්ෂිකව ජේෂ්ඨ දේශපාලනඥයන්ට සම්මාන පිරිනැමීම ද සිදු විය.

    එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව යන විෂයන්ට අදාළව කැපවූ විශිෂ්ට දේශපාලනඥ චරිත ඇගයීමක් සිදු වූ අතර ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය මෙසේ ආර් සම්බන්ධන් මහතාට හිමිවිය.

    දශක හතරක පාර්ලිමේන්තු දිවිය තුළ සම්බන්ධන් මහතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දක්වන ලද කැපවීම අගය කිරීමට එම සම්මානය පිරිනැමූ බව උන් සංවිධායකයෝ සඳහන් කළහ.

    එලෙසම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වීම සහ තවත් නිර්ණායක කිහිපයක් ඔස්සේ තෝරාගන්නා ලද වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීනිය ලෙස රෝහිණී කවිරත්න මහත්මිය වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා එම සම්මාන ලැබූහ.


    Institute of politics වෘත්තීය අධ්‍යාපන ආයතනයක් වන අතර එහි සියලු කටයුතු පාඨමාලා හා වැඩමුළු පිළිගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ අත්දැකීම් ඇති වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.