තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෘෂි රසායන තහනම ඉවත් කළත් බලපෑම තවදුරටත්

    කෘෂි රසායන තහනම ඉවත් කළත් බලපෑම තවදුරටත්

    විද්‍යාත්මක සහ තාර්කික පදනමකින් තොරව පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ ඉකුත් කාලයේ බෝග නිෂ්පාදනය 54%කින් පමණ අඩුවී නිෂ්පාදන වියදම 67%කින් පමණ ඉහළ ගොස් තිබූ බව Croplife Sri lanka සංවිධානය සිදුකළ සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.

    රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් වල්නාශක, කෘමි නාශක, දිලීර නාශක හා පොහොර වැනි කෘෂි ක්ෂේත්‍රයේ මූලික ආනයන නිමැවුම් අත්හිටුවීමට එවක පැවති රජය ගත් තීන්දුව හේතුවෙන් කෘෂි අංශයේ සෑම ස්ථරයකම විකුණුම් මිල එම කාලයේදී 45%කින් පමණ ඉහළ ගොස් තිබූ බවද එම සමීක්ෂණයේදී හෙළිවූ බව crop life sri lanka සංවිධානයේ සභාපති චාමේන්ද විජේරත්න මහතා පැවසීය.

    පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම හේතුවෙන් එකල සමස්ත කෘෂි ක්ෂේත්‍රයටම දැඩි බලපෑමක් එල්ල වූ බව තම සංවිධානය කළ පුළුල් සමීක්ෂණයේදී තහවුරු වූ බව ද විජේරත්න මහතා කීය.

    පොහොර සහ රසායනික ද්‍රව්‍ය තහනම හකුලා ගත්තද තවමත් එහි දරුණු ප්‍රතිඵල රටට අත් විඳින්නට සිදුව තිබෙන බව ඔහු කීවේය.

    රජයේ තහනම හේතුවෙන් වල් නාශක, කෘමිනාශක, දිලීර නාශක, පොහො වර්ග හොර පාරෙන් ආනයනය කළ අතර ඒවා ප්‍රමිතියෙන් තොර වීම හා අලුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමේ පළපුරුද්ද ගොවීන්ට නොතිබු නිසා ගොවියා කබලෙන් ලිපට වැටුණු බව ද විජේරත්න මහතා කීය.

    කොළඹදී ඉකුත්දා පැවති ආහාර සුරක්ෂිතතා හා කෘෂි යෙදවුම්වල කාර්‍ය යනුවෙන් පැවත්වූ වැඩමුලුවකදී ඔහු මේ බව කීවේය.

    ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයකු වන crop life sri lanka ආයතනය වැඩි වන ජනගහනය පෝෂණය කිරීම සඳහා ශාක විද්‍යාව නව්‍යකරණය කරමින් දේශීය ගොවි ප්‍රජාව වෙත බෝග ආරක්ෂණය උදෙසා තාක්ෂණික විසඳුම් ලබාදෙන ආයතනයකි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img