තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි සංචාරක සමයේ ගුවන් යානාවලට ඉන්ධන ඇතිතරම්

    ඉදිරි සංචාරක සමයේ ගුවන් යානාවලට ඉන්ධන ඇතිතරම්

    එළැඹෙන සංචාරක සමයේ මෙරටට පැමිණෙන සහ පිටවන ගුවන් යානා සදහා අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ලබා දීමට සැළසුම් කර ඇතැයි ,වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

    ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇත.

    එහි ඉන්ධන ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර තිබේ.

    තව දින 65කට එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන බව වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යංශය කියයි.

    එමෙන්ම ඉදිරි දින 17 සදහා අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සතුව පවතින බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවකදී එහි නියෝජිතයන් පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img