තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතරමැදියෝ නැතුව අත්‍යාවශ්‍ය බෙහෙත් කෙලින්ම ගන්න සැලසුමක්

    අතරමැදියෝ නැතුව අත්‍යාවශ්‍ය බෙහෙත් කෙලින්ම ගන්න සැලසුමක්

    අත්‍යාවශ්‍ය ඖෂධ ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමට තීරණය කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පවසයි.

    ලේකම්වරයා පැවුසවේ, ඊට අදාළ ඇනවුම් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුකර ඇති බවයි.

    දැනට ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් රට තුළ පවතී. 

    ලේකම්වරයා පැවසුවේ, ලබා දුන් ඇනවුම් අනුව ඉදිරි දින 14 තුළ අදාළ ඖෂධ වර්ග මෙරටට ලැබෙනු ඇති බවයි.

    ඉන්දීය  ණය පහසුකම යටතේ, ඖෂධ වර්ග ඇතුළු අයිතම 1700 ක් පමණ මෙරටට ලැබීමට නියමිත වුවත්, හටගෙන ඇති ප්‍රමාදයක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇතැයි ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img