තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටැක්සි ත්‍රීවිල්වල තෙල් කෝටාව වැඩි කළාට ගාස්තුව අඩුවීම ෂුවර් නෑ

    ටැක්සි ත්‍රීවිල්වල තෙල් කෝටාව වැඩි කළාට ගාස්තුව අඩුවීම ෂුවර් නෑ

    මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමූවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සලකා බැලිය යුතු බව වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

    මිල අඩු කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව එම සංගමයේ ලේකම් නිශාන්ත කුමාර මහතා පවසයි.

    මීට පෙර ත්‍රීරෝද රථ රියදුරන් සදහන් කළේ තමන් වෙත ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමූවොත් අනිවාර්යයෙන්ම ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කරන බවයි.

    නොවැම්බර් 01 වෙනිදා සිට ත්‍රීරෝද රථ සදහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය ඊයේ (24) තීරණය කළේය.

    ඒ අනුව ත්‍රීරෝද රථයක් සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට ලීටර් 10ක් දක්වා වැඩිවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    මෙහි පළමු අදියර නොවැම්බර් 01 වෙනිදා සිට බස්නාහිර පළාතෙන් ආරම්භ වන අතර නොවැම්බර් 06 වෙනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img