තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සබරගමු සරසවියේ කබඩි නායකයා හොස්ටල් එකේදි අභිරහස් ලෙස මරුට

    සබරගමු සරසවියේ කබඩි නායකයා හොස්ටල් එකේදි අභිරහස් ලෙස මරුට

    සබරගමු විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායකයා වන එම විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ ශිෂ්‍ය හර්ෂ ධනංජය නැමැති සිසුවා අද අළුයම අභිරහස් ලෙස මියගොස් තිබේ.

    මෙම සිසුවා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ නිදාසිටියදී සිහිසුන් ලෙස සිටිනු ශිෂ්‍යයකු ඒ බව දැක විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දැන්වීමෙන් පසුව එම සිසුවා විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි පඹහින්න රෝහලට ඇතුළත් කර තිබේ.

    රෝහල් බලධාරීන් පවසා ඇත්තේ රෝහලට රැගෙන එන විටත් එම ශිෂ්‍යයා මියගොස් සිටි බවය.

    මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

    මියයන විට විසිපස් හැවිරිදි වියෙහි පසුවූ ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩකයෙකි.

    කබඩි කණ්ඩායමේ නායකයා ලෙසද ඔහු දස්කම් දක්වා තිබේ.

    මේ දිනවල සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අවසන් වසරේ විභාගයට ද මෙම සිසුවා පෙනී සිට ඇති අතර ඔහුගේ මරණය පිළිබඳ මිතුරන් හෝ වෙනත් කිසිදු අයෙකු කිසිදු තොරතුරක් නොදන්නා බවද වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img