තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජසන්තක හමර් රථය ආනයකරුට දීමේ විමර්ශන රහස් පොලීසියට

    රාජසන්තක හමර් රථය ආනයකරුට දීමේ විමර්ශන රහස් පොලීසියට

    රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දේසියේදී ආනයනකරුටම ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණය ආරම්භ කර ඇත.

    නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ හමර් වර්ගයේ රථයක් ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර තිබූ අතර පසුව පැවති වෙන්දේසියකදී එම රථය ආනයනකරුවාම ලබා ගැනීම පිළිබඳ ඉකුත් කාලයේ දී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.

    එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබාදෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට දන්වා තිබුණි.

    එම වාර්තාව රාජ්‍ය ඇමතිවරයාට ලැබී ඇති අතර එහි ඉදිරි පියවරක් ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

    නීති විරෝධී ලෙස එම මෝටර් රථය මෙරටට ආනයනය කර තිබුණේ ඉකුත් පෙබරවාරි මස 22දා ය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img