තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ ලිස් ට්‍රස් අද පස්වර්වේ තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව ඇය නිවේදනය කළාය.

    ඒ අනුව ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසේ අඩුම කාලයක් අග්‍රාමාත්‍ය ධූරය දැරූ තැනැත්තිය බවටද පත්වූවාය. ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ දින 44ක් පමණක් කටයුතු කිරීමද එරට ඉතිහාසය අලුත් කරන සිදුවීමක් බවට පත්විය.

    ලන්ඩනයේ ඩව්නිං වීදියයේ පිටත පැමිණ ප්‍රකාශයක් කියවමින් ට්‍රස් මෙසේ පැවසුවේ: “මම තනතුරට පත් වූයේ විශාල ආර්ථික හා ජාත්‍යන්තර අස්ථාවරත්වයක කාලයක ය.

    පවුල් සහ ව්‍යාපාර ඔවුන්ගේ බිල්පත් ගෙවන්නේ කෙසේද යන්න ගැන කනස්සල්ලට පත්ව සිටියා.

    මම මෙම තත්ත්වය වෙනස් කිරීමට ජනවරමක් සහිතවයි තේරී පත් වූයේ, අපි බලශක්ති බිල්පත් පවා ලබා දුන්නා

    මම පිළිගන්නවා මෙම තත්වය හමුවේ, මට කොන්සර්වේටිව් පක්ෂයෙන් තේරී පත් වූ ජනවරමට අනුව කටයුතු කිරීමට නොහැකයි,” යනුවෙන් ඇය පැවසුවාය.

    ඒ අනුව තමන් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමට මහරජතුමාට කතා කළ බවද ට්‍රස් සඳහන් කළාය.

    ඇයගේ අනුප්‍රාප්තිකයා තෝරා ගන්නා තෙක් ට්‍රස් අගමැති ධුරයේ රැඳී සිටිනු ඇත.

    ඇයගේ ඉල්ලා අස්වීම සිදු වූයේ ඇය ” ඉවත්වන්නියක් නොව සටන් කරන්නියක්” බව මන්ත්‍රීවරුන්ට පවසා පැය 24කට මඳක් වැඩි කාලයකට පසුවය.

    නව චාන්සලර් ජෙරමි හන්ට් ප්‍රධාන නම්වලින් එකක් යෝජනා වීමත් සමඟ ට්‍රස් වෙනුවට ආදේශ කළ හැක්කේ කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ සමපේක්ෂන පවතී.

    ට්‍රස්ගේ කඩා වැටීම ආරම්භ වූයේ ඇගේ හිටපු චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් මාසයකට පෙර ඔහුගේ අතුරු අයවැය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, එය සති කිහිපයක ආර්ථික කැලඹීම් ඇති කළ අතර අවසානයේ ඔහුව පසුගිය සිකුරාදා සේවයෙන් පහ කිරීමට හේතු විය.

    නායකත්ව ව්‍යාපාරයේදී රිෂි සුනක්ට ඡන්දය දුන් හන්ට් පසුව චාන්සලර් ලෙස වැඩ භාර ගත් අතර ඔහු ට්‍රස් ගේ අධිකාරිය තවදුරටත් යටපත් කළේය.

    බදාදා දහවල්, ඇගේ ස්වදේශ ලේකම් අත්වැරදීමකින් ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑලෙන් සගයකුට ප්‍රතිපත්ති පණිවිඩයක් යැවීමෙන් ආරක්ෂක නීති කඩ කළ බව පවසමින් ඉවත් විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img