තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්

    උසස් පෙළ සිසුන්ට සුබ ආරංචියක්

    රුසියාවේ සහ බෙලරූස් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනවලට මෙරට සිසුන් යොමු කිරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහල දමා ඇතැයි අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය.

    තමා ඉකුත්දා රුසියාවේ සහ බෙලරූස් රාජ්‍යයේ කළ නිල සංචාරයේදී එම ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කර ගැනීමට අවබෝධතා ගිවිසුමකට එළඹී බව ද ඇමතිවරයා කීය.

    ඒ අනුව ඉදිරියේ දී රුසියාවට සහ බෙලරූස් රාජ්‍යයට උසස් අධ්‍යාපනය සඳහා මෙරට ශිෂ්‍යත්වලාභීන් වැඩි පිරිසක් යවන බව ද ඇමැතිවරයා කීය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය මත එම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගන්නා බව විනිවිදභාවයකින් ඒ සඳහා ක්‍රියා කරන බව ද අධ්‍යාපන ඇමතිවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img