තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති රමේෂ්ගේ ආයතන 23ක් චාමරට සහ ප්‍රසන්නට දෙයි

    ඇමති රමේෂ්ගේ ආයතන 23ක් චාමරට සහ ප්‍රසන්නට දෙයි

    කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති ආයතන විසිතුනක් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට සහ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පවරා දී තිබේ.

    ඒ අනුව චාමර සම්පත් දසනායක මහතාට අයත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට ආයතන 12ක්ද කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය භාර ප්‍රසන්න රණවීර මහතා යටතට ආයතන 11ක් ද පවරා දෙමින් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ලේලන්ඩ් ලිමිටඩ්, ලංකා අශෝක් ලේලන්ඩ්, කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම, කහටගහ ග්‍රැෆික් ලංකා ලිමිටඩ් ඇතුළු ආයතන පවරා දී තිබේ.

    ප්‍රසන්න රණවීර මහතා යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම , ජාතික ශිල්ප සභාව, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකොළහක් පවරා දී තිබේ.

     

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img