තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපරාධ කරලා මේ රටවල්වල හැංගුණාට වැඩක් නෑ

    අපරාධ කරලා මේ රටවල්වල හැංගුණාට වැඩක් නෑ

    සාපරාධී ක්‍රියාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තවත් රටවල් 6ක් සමග සම්මුතියක් ඇති කර ගෙන තිබේ.

    බෙන්ගාල බොක්ක ආශ්‍රිතව රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාවය සඳහා වන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් රටවල් සමග ශ්‍රී ලංකාව මෙම සම්මුතියට එළඹී තිබේ.

    භූතානය, තායිලන්තය, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය යන රටවල් ශ්‍රී ලංකාව සමගම සම්මුතියට එළඹී ඇත.

    ඒ අනුව ත්‍රස්තවාදය, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය මුදල් විශුද්ධිකරණය, සයිබර් අපරාධ ඇතුළු නඩු පැවරීම, මැඩපැවැත්වීම සහ එකී අපරාධ සඳහා සපයන මුදල් රාජ සන්තක කිරීම ආදී කරුණුවලදී රටවල් එක්ව කටයුතු කිරීමට එම සම්මුතිය මගින් එකඟ වී තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img