තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික්ක 10ක් අනතුරේ !

    දිස්ත්‍රික්ක 10ක් අනතුරේ !

    දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි.

    මෙම දිස්ත්‍රික්කවලින් පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

    වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,317 කි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img