තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායකගෙන් කළ ඉල්ලීම

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායකගෙන් කළ ඉල්ලීම

    ජාතික සභාවේ කාන්තා නියෝජනය වැඩි කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාරදී තිබෙනවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මෙම ලිපිය බාරදී ඇත.

    ජාතික සභාව ස්ථාපිත කිරීමේ යෝජනා සම්මතයට අනුව නියමිත සමාජිකයක් තිස් පස් දෙනාගෙන් 28ක් නම් කර ඇති අතර එයට ඇතුළත්ව ඇති එකම මන්ත්‍රීවරිය වන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

    එබැවින් ජාතික සභාවේ ඉතිරි සාමාජිකයන් නම් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සඳහා වැඩි අවස්ථාවක් දෙන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img