තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාඇළ තරුණියක මියයාම: දොස්තරට සැත්කම් තහනම්

    ජාඇළ තරුණියක මියයාම: දොස්තරට සැත්කම් තහනම්

    වත්තල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුකළ ශල්‍යකර්මයකින් පසුව ජාඇල තරුණියක මියගිය බව කියන සිද්ධියට අදාළව විමර්ශන කිහිපයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා) විජේසූරිය මහතා පැවසීය.

    එම ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයාට විමර්ශන නිමවනතුරු ශල්‍යකර්ම සිදුකිරීම තහනම් කළ බවද විජේසූරිය මහතා කීවේය.

    මියගිය තරුණිය ට ශල්‍යකර්මය සිදුකළ ආකාරය, ඇයට ලබාදුන් ප්‍රතිකාර ක්‍රමවේදය පිලිබඳවත් එම පෞද්ගලික රෝහල පිළිබඳ වත් වෙන වෙනම විමර්ශන සිදුකරන බවද විජේසූරිය මහතා සඳහන් කළේය.

    වත්තල පෞද්ගලික රෝහලකදී උදරය ප්‍රදේශයට සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව දෙඩ ලෙස අසාධ්‍ය වූ ජාඇල පදිංචි තරුණියක් ඉකුත් දා මිය ගිය අතර ඒ සම්බන්ධයෙන් ඇයට ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img