තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් දරුවන්ට පෝෂණීය කැඳ වීදුරුවක්

    පාසල් දරුවන්ට පෝෂණීය කැඳ වීදුරුවක්

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් රට පුරා තෝරා ගත් පාසල් 1000 ක දරුවන්ට දිනපතා පෝෂණීය කැඳ වීදුරුවක් වගින් ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබේ.

    එම වැඩපිළිවෙළ ඔක්තෝම්බර් මස 3 වැනි සදුදා බස්නාහිර පළාතේ කැළණි මහා විද්‍යාලයෙන් ආරම්භ කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

    ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත වට්ටෝරුවකට අනුව පිළියෙල කරන එම කැඳ සඳහා රතු කැකුළු හීනැටි, පච්ච පෙරුමාල් සහ සුවඳැල් යන සහල් වර්ගද පොල්, වියළි ඉඟුරු,ගම් මිරිස්, තිප්පිලි, සුදුරු කළුදුරු දෙවුදුරු වැනි ඖෂධීය ද්‍රව්‍ය ද යොදා ගන්නා බව ඇමැතිවරයා කීය.

    නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන මුලදී පාසල් 1000 ක්‍රියාත්මක කරන අතර පසුව දිවයින පුරා ක්‍රියාවට නංවන බව ද සිසිර ජයකොඩි මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img