තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොයන බෙහෙත තියෙන ෆාමසි ගැන දැනගන්න ඇප් එකක්

    හොයන බෙහෙත තියෙන ෆාමසි ගැන දැනගන්න ඇප් එකක්

    කිසියම් ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකුට එම ඖෂධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල සහ මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබාගත හැකි ජංගම දුරකථන නව යෙදවුමක් app එකක් හඳුන්වා දී තිබේ.

    එම නව ජංගම දුරකථන ඇප් එක Medi search නමින් නම් කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලෙ මගින් තොරතුරු ලබා ගත හැකි වීම විශේෂයකි.

    රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයින්ට එම ඖෂධ මිලදී ගැනීමට නොහැකි වීමෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ.

    එහෙත් සිය ජංගම දුරකථනයට නොමිලේ medi search යෙදවුම බාගත කර ගත් පසුව ඉතා පහසුවෙන් එම තොරතුරු ලබා ගැනීමට හැකි අතර දැනටමත් pay master යෙදවුම භාවිතා කරන්නන්ට medi search යෙදවුම නොමිලයේ බාගත කල හැකිය.

    Pay master යෙදවුම භාවිතා කරන්නන්ට සිය ජංගම දුරකථනය ඔස්සේ බිල්පත් ගෙවීම, බැංකු අතර මුදල් හුවමාරුව, රක්ෂණ වාරික ගෙවීම, වෛද්‍යවරයෙකු හමුවීමට අවස්ථාවක් වෙන්කර ගැනීම ආදි පහසුකම් රැසක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img