fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලෑවට අතහැර සිටි ගවයින් මණ්ඩලයේ ගොවිපලවලට

    කැලෑවට අතහැර සිටි ගවයින් මණ්ඩලයේ ගොවිපලවලට

    ගව පාලනයෙහි නිරතවන්නන් විසින් අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවලට යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

    අමාත්‍යාංශය පැවසුවේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල  ගව පාලනයෙහි නිරතව සිටින පුද්ගලයින් ගවයින්ට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහිත බිම් හිඟ වීම නිසා තම සතුන් අභය භූමිවලට හා වනාන්තරවලට මුදා හරින බවයි.

    යාල, විල්පත්තුව, ලුණුගම්වෙහෙර, උඩවලව, කැබිලිත්ත වැනි අභය භූමි, වනාන්තර හා රක්ෂිතවලට එලෙස මී ගවයින් හා එළගවයින්  මුදාහැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවා .

    එම ගවයින් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වන සතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී ඇති බවද අමාත්‍යංශය පවසයි.

    එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස වන අලි ගම් වැදීමද ඉහළ ගොස් ඇත.

    දැනට කිරිගවයින් හිඟකම නිසා දෛනිකව පශු සම්පත් මණ්ඩලයට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවෙමින් පවතින අතරම පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවලින් කිරිගවයින් අලෙවි කිරීම ද අත්හිටුවා ඇතැයි කෘෂිකර් අමාත්‍යාංශය සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.