තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගන්න ඩොලර් මිලියන 100ක්

    අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගන්න ඩොලර් මිලියන 100ක්

    අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති දෙකකින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක අරමුදලක් කඩිනමින් ලබාදීමට එම බැංකුව එකඟතාවය පළකර තිබේ.

    ඒ සම්බන්ධයෙන් පෙරේදා (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදීද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

    අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආනයනය කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය සහ ආපදා අවම කිරීමේ පියවර මඟින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල විෂය පථයන් සංශෝධනය කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් කඩිනමින් සලසා දීමට එම බැංකුව විසින් එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක සහ ආපදා අවම කිරීමේ පියවර මඟින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක අරමුදල් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම සඳහා යොදා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img