අදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 5 ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
මහවැලි වේල්ලේ වාන් දොරටු 5 ක් විවෘත කිරීමට පියවර ගැනීමත් සමග එහි තත්ත්පරයට ඝණ අඩි 17,500ක් ජලය මුදා හැරේ.
මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ, හේතුවෙන් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙසයි.
මේ වනවිට පොල්ගොල්ල දැදුරු ඔයේ වාන් දොරටු 8 ක් ද මේ වනවිට විවෘත කර ඇති අතර ඉන් මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 19,200 කි.
ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.