යල කන්නයේ වගා කටයුතු සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අනුව ඌව පළාතට යූරියා මෙට්‍රික් ටොන් 2122ක්, බස්නාහිර පළාතට මෙට්‍රික් ටොන් 1041, මධ්‍යම පළාතට මෙට්‍රික් ටොන් 2138ක්, වයඹ පළාතට මෙට්‍රික් ටොන් 3767ක්, සබරගමුව පළාතට මෙට්‍රික් ටොන් 1128ක්, දකුණු පළාතට මෙට්‍රික් ටොන් 4728ක්, උතුරු පළාතට මෙට්‍රික් ටොන් 877ක්, නැගෙනහිර පළාතට මෙට්‍රික් ටොන් 3934ක් ද වශයෙන් බෙදාහැර තිබේ.
ඒ අනුව හෙක්ටෙයාර් 304,734ක් වගා කර තිබු ගොවීන් 490,515කට බෙදාහැර ඇති සමස්ත යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.