රුපියල් 50 ට අඩුවෙන් බිත්තරයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ, කුකුළන්ගේ ආහාර සදහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.
ඒ අනුව පවතින උපරිම සිල්ලර මිලට බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින්ට හැකියාව ලැබෙන බවද ඔහු පැවසීය.