සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවෙන් පෙට්‍රල් නිකුත් කිරීම නැවත ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේ අතර ඊයේ (30) රාත්‍රි මෙරටට ළඟා වූ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 36,500 ක් රැගත් නෞකාවෙන් ඉන්ධන තොග ගොඩබෑම අද ආරම්භ කරන බවද අමාත්‍යංශය පවසයි.
එමෙන්ම දෛනිකව ඩිසල් මෙට්‍රික්ටොන් 4000 ක් හා පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.