තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මරණ දඬුවමෙන් නිදහස් වී ආ කහවත්ත ප්‍රාදේශීය සභාපතිට පුටුව අහිමි වෙයි

    මරණ දඬුවමෙන් නිදහස් වී ආ කහවත්ත ප්‍රාදේශීය සභාපතිට පුටුව අහිමි වෙයි

    මරණීය දණ්ඩනය නියම වී නිදොස් කොට නිදහස් වූ කහවත්ත ප්‍රාදේශීය සභාපති වජිර දර්ශන ද සිල්වා මහතාගේ සභාපතිධුරය අහෝසි කළ බව සබරගමුව පළාත් පාලන කොමසාරිස් එල්.එම්.පී.ඩබ්.බණ්ඩාර මහතා පැවසීය.

    සභාපතිවරයා බන්ධනාගාරගතව සිටි කාලයේ දී ඔහු කළ නිවාඩු ඉල්ලීම සභාව මගින් අනුමත නොකිරීම නිසා ඔහුට එම ධුරය අහිමි වූ බවද සබරගමුව පළාත් පාලන කොමසාරිස් වරයා කීය.

    සභාපතිවරයාගේ නිවාඩු ඉල්ලීම අනුමත කිරීම සඳහා පැවති රහස් ඡන්දයේ දී යෝජනාව වැඩි ඡන්ද 7කින් පරාජයට පත්ව ඇතැයි ද ඒ අනුව පළාත් පාලන නීති යටතේ ඔහුට දුරය හිමි වන බවද පැවසීය.

    2015 වසරේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියක් සංවිධානය කරන අතර කහවත්තේ දී සිදු වූ පුද්ගලයා සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සභාපතිවරයා බන්ධනාගාර ගත වූ අතර පසුව ඔහුට මරණීය දණ්ඩනය නියම විය.

    ඉන්පසුව අභියාචනාධිකරණය මගින් කළ ඉල්ලීමට අනුව පසුගිය මාර්තු මස 31 වෙනිදා සභාපතිවරයා නිදොස් කොට නිදහස් කරන ලදී.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img