තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධීවරයින්ට වන්දි ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තවත් මුදලක්

    ධීවරයින්ට වන්දි ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තවත් මුදලක්

    එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර නිසා අගතියට පත් ධීවරයින්ට තුන් වැනි වන්දි මුදල ලෙස තවත් රුපියල් ලක්ෂ 9110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ධිවර අමාත්‍යංශය සඳහන් කරයි.

    ගම්පහ, කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ධීවරයින් 15032 දෙනෙකු අතර එම වන්දි මුදල ද බෙදා දෙන බව ද එම අමාත්‍යාංශය කියයි.

    මීට පෙරද අවස්ථා දෙකකදී රක්ෂණ ආයතනය මගින් රුපියල් ලක්ෂ 3480ක් සහ රුපියල් ලක්ෂ 3350 ක් ද වශයෙන් අවස්ථා 2කදී වන්දි මුදල් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයිද ධීවර අමාත්‍යාංශය කියයි.

    ධීවරයින්ට ඔවුන්ගේ යාත්‍රා වර්ගය පන්න ක්‍රමය හා අහිමිවූ ආදායම අනුව රුපියල් 80000 සිට 240000 වූ වන්දි මුදලක් මේ දක්වා හිමිව තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img