තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්ටිකර් නෑ - මත්පැන් අලෙවිය කොටඋඩ

    ස්ටිකර් නෑ – මත්පැන් අලෙවිය කොටඋඩ

    සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ටිකර් හිඟවීමෙන් මත්පැන් අලෙවිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත ව තිබේ.

    නිෂ්පාදනයේ ගුණාත්මකභාවය තහවුරු කෙරෙන මෙම ස්ටිකර් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අතර එහි හිඟයක් මතු ව ඇත්තේ පවතින විනිමය අර්බුදය හේතුවෙනි.

    නිෂ්පාදනයේ සංයුතිය, අදාළ සමාගම බදු ගෙවීම පිළිබඳ මෙන්ම නිෂ්පාදන ප්‍රමාණය ද මෙම ස්ටිකරයෙහි සඳහන් ය.

    කෙසේවෙතත් මේ වන විට එම ස්ටිකර් යළි කඩිනමින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img