වී අලෙවි මණ්ඩලය දින 9 ක් තුළදී වී මෙට්‍රික් ටොන් 5007 ක් මිලදීගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙවර යල කන්නයේ වී මිලදීගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කළේ, පසුගිය 18 වැනිදා ය.
මේ අතර ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ගොවි ජනතාවට නොමිලේ ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 1000 ක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ, මෙරට අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000 ක් ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළකර ඇති බවය.
මෙම යුරියා පොහොර තොගය අක්කරයකට වඩා අඩු කුඹුරු ප්‍රමාණයක් තිබෙන ගොවීන් සඳහා ලබාදෙනු ඇති.
එහි පළමු තොගය වශයෙන් මෙට්‍රික් 1000ක් ඉදිරි සති දෙක තුළ අප රටට ලැබීමට නියමිත බව අමාත්‍යංශය පැවසීය.