තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශගත වන කාන්තාවන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් අනිවාර්යයයි

    විදේශගත වන කාන්තාවන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් අනිවාර්යයයි

    රැකියා සදහා විදේශගත වන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී අනිවාර්යෙන්ම දිවුරුම් ප්‍රකාශයක් ලබාදිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සලසන ආකාරයත් එම දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ආකාරයත් පැහැදිලි කරමින් දිවුරුම් ප්‍රකාශයක් සකසා ග්‍රාම නිලධාරීගේ සහතිකය සමඟ එය ප්‍රාදේශීය ලේකම් වෙත ලැබිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

    කෙසේවෙතත් වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට කිසිසේත් විදේශ රැකියා සඳහා යාමට අවසර ලබා නොදෙන බව ද එම කාර්යාංශය සඳහන් කරයි.

    තවද රැකියාවක් සඳහා විදේශගත වන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී තමන්ට දරුවන් සිටින බව හෝ නොසිටින බව වයස අවුරුදු 2ට වැඩි දරුවන් සිටීද යන්න වග අවුරුදු 18 ට අඩු අවිවාහක දරුවන් සිටිනවා නම් ඔවුන්ට ආරක්ෂාව සපයන ආකාරය හා අධ්‍යාපනය ලබාදීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඇතුළත් කළ යුතු බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img