තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති සිටි උත්සවයට ආ මිහින්තලේ ප්‍රා.සභා උප සභාපතිව එළවලා

    ජනපති සිටි උත්සවයට ආ මිහින්තලේ ප්‍රා.සභා උප සභාපතිව එළවලා

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වී සිටි උත්සවයකට පැමිණි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයාට උත්සව භූමියෙන් පිටව යන්නැයි මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අද පස්වරුවේ පැවැසූහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරය කරන අතර ජනාධිපතිවරයා මිහින්තලේ රාජමහා විහාරස්ථානයට ගොස් කෙටි උත්සව සභාවකට සහභාගී වී සිටියේය.

    එහිදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා එම උත්සවයට පැමිණ ප්‍රභූන් අසුන් ගන්නා අසුනක් මත අසුන් ගැනීමට සූදානම් වෙද්දී නැගී සිටි ධම්මරතන නාහිමියෝ ඔහුට එහි අසුන් නොගෙන උත්සව භූමියෙන් ඉවත් වන්නැයි පැවසූහ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපති ලලිත් එදිරිසිංහ මහතා මෙම සිද්ධියට මුහුණ පෑවේය.

    ලලිත් එදිරිසිංහ මහතා බාලවයස්කාර දැරියක දූෂණ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හැර තිබෙන පුද්ගලයෙකු හෙයින් ඔහු ජනාධිපතිවරයා සමග සිටීම ජනාධිපතිවරයාට කරන හානියක් යැයි ද එම නිසා ඔහුට උත්සව භූමියෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් බවද ධම්මරතන හිමියෝ පසුව පැවැසූහ.

    එම සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු පැමිණ සිටි අතර ඔවුන්ටද එම සිද්ධිය දැක ගැනීමට හැකි විය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img