fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවධානයෙන් ඉන්න.. ඩෙංගු -කොරෝනා - ඉන්ෆ්ලුවෙන්සා ඉහළට

    අවධානයෙන් ඉන්න.. ඩෙංගු -කොරෝනා – ඉන්ෆ්ලුවෙන්සා ඉහළට

    සතිපතා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන බවයි.

    එමෙන්ම මහනුවර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බව අධ්‍යක්ෂවරයා කියාසිටී.

    මේ දිනවල ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තව පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගන්නැයි සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.