fbpx
තවත්
    මුල් පිටුවspecialනියඟය යළි සිහිකළ යුරෝපයේ වියෝව

    නියඟය යළි සිහිකළ යුරෝපයේ වියෝව

    මේවන විට යුරෝපයට බලපාන අධික නියං තත්ත්වය හේතුවෙන් එම කලාප හරහා ගලා බසින ගංගාවන් විශාල ප්‍රමාණයක් සීඳී ගොස් ඇතැයි වාර්තාවේ.

    මෙලෙස ගංගා සීඳීයාම හේතුවෙන් දශක කීපයක් එම ගංගා පතුලේ සැඟව ගොස් තිබූ මිහිරි මෙනේම අමිහිරි මතයන්ද යළිත් කරලියට පැමිණ තිබේ.

    ඒ අනුව යුරෝපය හරහා ගලා යන ඩැනියුබ් ගංගාවටද පවතින වියලි කාලගුණ තත්ත්වයෙන් මිදීයාමට අවස්ථාවක් හිමිව නැහැ. යුරෝපයේ රටවල් කිහිපයක් ඔස්සේම ගලායන මෙම ගංගාව කාලයක් ලෙයින් රත්පැහැ ගැන්වී තිබුණ බවද සඳහන් වේ.

    දෙවන ලෝක සංග්‍රාම සමයේදී මෙම ගංගාව ගලාගිය ප්‍රදේශය විශාල වශයෙන් යුදමය කටයුතු සඳහා යොදාගෙන තිබූ අතර එහිදී දිවි අහිමි වූවන්ගෙන් ගංගාව රත් පැහැයටද හැරී තිබූ බව ඉතිහාස සටහන් සඳහන් කරයි.

    නාසි හමුදාවන්ගේ කළු මුහුදේ මෙහෙයුම් කළ නාවික බලඇණි 1944දී සෝවියට් සේනාවන්ගේ ප්‍රහාර හමුවේ පලායෑමටද මෙම ගංගාව යොදා ගෙන තිබිණි. මෙහිදී සර්බියාවට හරහා ගංගාවේ ගලා යන ප්‍රදේශයේදී ගිලී ගිය යාත්‍රා කොටස් නියං තත්ත්වය හේතුවෙන් යලිත් දැක ගැනීම යලි අවස්ථාව හිමිව තිබිණි.

    මෙලෙස දැක ගැනීමට ලැබෙන ඇතැම් යාත්‍රාවල සුන් බුන්වල තවමත් පුපුරණ ද්‍රව්‍ය පවතින අතර එබැවින් සුන්බුන් ඉවත් කිරීම ඉතා අනතුරුදායක බවයි විශේෂඥයින් පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.