fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔස්ට්‍රියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක පරිත්‍යාගයක්

    ඔස්ට්‍රියාවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක පරිත්‍යාගයක්

    ඔස්ට්‍රියා රජය රුපියල් මිලියන හතරක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි.

    නවදිල්ලියේ පිහිටි ඔස්ට්‍රියා තානාපති කාර්යාලය මෙම ඖෂධ නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර දී ඇත.

    ඔස්ට්‍රියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර නැති විවිධ රටවලට අයත් විදේශ දූත මණ්ඩල 94 ක් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණය කරයි.

    අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27 ක් අඩංගු මෙම තොගය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වෙත භාරදෙන ලද අතර කඩිනමින් ශ්‍රී ලංකාවට සැපයේ.

    ඔස්ට්‍රියාවේ වැඩබලන තානාපති මතායෙස් රඩොස්ටික් මහතා මෙම ඖෂධ තොගය නිල වශයෙන් භාර දෙන ලද අවස්ථාවට සහභාගී විය.

    හදිසි ප්‍රතිකාර සදහා අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා රජය විදේශ රටවලට කරන ලද ආයාචනයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.

    ඔස්ට්‍රියානු රජය විසින් කරන ලද මිත්‍රත්වයේ සහ සුහදතාවයේ පිරිනැමීම ගැන මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය කෘතඥතාව පළ කළේය.

    නියෝජ්‍ය මහකොමසාරිස් නිලුක කදුරුගමුව, අමාත්‍ය උපුල් පුෂ්ප කුමාර මහත්වරු සහ කවුන්සල පමෝදා ගුණරත්න මෙනවිය මෙම අවස්ථාවට සහභාගී වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.