මානසික රෝගීන් සඳහා ලබාදෙන ආටේන් නැමැති ඖෂධය මාස ගණනාවක් තිස්සේ හිඟව තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දරුණු මානසික රෝගවලින් පෙළෙන රෝගීන්ට ආටෙන් ඖෂධය ලබා දෙන අතර එම ඖෂධය ලබා නොදුනහොත් ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නා බව වෛද්‍යවරු සඳහන් කරති.
මාස ගණනාවක් තිස්සේ කිසිදු ඔසුසලක හෝ රෝහලක ආටේන් නැමැති ඖෂධය නොමැති බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.