තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ කන්නයට යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක්

    මහ කන්නයට යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක්

    මෙවර මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි.

    මෙවර මහ කන්නයේ වගා කටයුතු සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර හෙක්ටෙයාර් ලක්ෂ 8 ක භූමි ප්‍රමාණයක් පුරා වී වගා කිරීමට සැලසුම් කර ඇත.

    කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, දැනට ඉතිරිව පවතින යූරියා පොහොර තොග, මහ කන්නයේ මුලින් වගාව ආරම්භ කරන දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img