තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලඥයින්ගේ වත්කම්- බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති වෙනස් කෙරේ

    දේශපාලඥයින්ගේ වත්කම්- බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති වෙනස් කෙරේ

    සියලුම දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඒ අනුව වඩාත් විනිවිදභාවයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි.

    එමෙන්ම මීට සමගාමීව දැනට පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවට වැඩි බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද නීති සම්පාදනය කර ඇති බවද ඔහු සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා  වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img