fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ඉල්ලුම පහළට

    විදුලි ඉල්ලුම පහළට

    පසුගිය මාස දෙකක කාලය තුළ මෙරට විදුලිය ඉල්ලුම 25% කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විදුලි කප්පාදුව හේතුවෙන් 7% ක පමණ විදුලි ඉල්ලුම මෙලෙස අඩු වී ඇති බවයි. 

    එමෙන්ම ඉතිරි 15% ක ප්‍රමාණය පවතින උෂ්ණත්වය හේතුවෙන් අඩු වී ඇත.

    විදුලි බිල්පත් ගාස්තු ද අද දිනයේ සිට 75 % කින් ඉහළ යාම හේතුවෙන් තවදුරටත් විදුලි පරිභෝජනයෙහි අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.