තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ රෝගීන් 43000ක් - ඩෙංගු සතියක් නම්කෙරේ

    මේ වසරේ රෝගීන් 43000ක් – ඩෙංගු සතියක් නම්කෙරේ

    ඩෙංගු රෝගී තත්ත්වය ඉහළ යාම හේතුවෙන් ලබන 25 වනදා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, රට පුරා ඩෙංගු රෝගය අධිවසංගත තත්ත්වයක් පැතිරයාමේ අවදානමක් නිරීක්ෂණය වී ඇති බවයි.

    ඒ අනුව ලබන 25 වැනි දා සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්යය මණ්ඩල පැයක කාලයක් පුරා තම සේවය කරන ආයතනය තුළ සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝ වන ස්ථාන හඳුනා ගෙන විනාශ කිරීමට කටයුතු කළයුතු බව ඔහු සඳහන් කළේය.

    වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 43,000 කට අධික ය.

    ජුලි මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 8,000 කි.

    කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම්, පරිශ්‍ර, කර්මාන්තශාලා සහ වෙනත් පොදු ස්ථාන මදුරුවන් බෝවීමේ අවදානමක් සහිත ස්ථාන ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img