තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුප්‍රාප්තික ජනපති තෝරන ඓතිහාසික ඡන්දය අද

    අනුප්‍රාප්තික ජනපති තෝරන ඓතිහාසික ඡන්දය අද

    මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද වීමසීමක් අද (20) පෙරවරු 10ට පැවැත්වේ.

    හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ පුරප්පාඩුවට ඉතිරි ධුර කාලය සඳහා මෙම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට නියමිතය.

    මෙහිදී රටේ සියලුම ඡන්ද කොට්ඨාශවල ඡන්ද දායකයන් නියෝජනය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා පමණි.

    පාර්ලිමේන්තුවේ දී ඊයේ නාමයෝජනා බාරදුන් අය වන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර අතර ජනපති සටන පැවැත්වේ.

    අපේක්ෂකයන් තුන් දෙනෙකු ඉදිරිපත් ව ඇති හෙයින් රහස් ජන්ද වීමසීමක් අද පැවැත්වේ. තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරයා යි.

    ඡන්දය ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය මන්ති්‍රීවරුන්ට පෙන්වීමෙන් පසු මුද්‍රා තැබීමට නියමිත අතතර මෙම ඡන්ද විමසීමේ දී කථානායකවරයාටද සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවේ.

    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන ඇත්නම් ඔහු ජනාධිපති ධුරයට තෝරා පත් කරගත් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් නිවේදනය කරනු ඇත.

    වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයෙකු ලබාගෙන නොමැති අවස්ථාවකදී අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයා ඉවත් කර ඔහුගේ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාප සළකුණු කර ඇත්නම් එය, අනෙක් අපේක්ෂකයන්ට එක් කිරීම සිදුකරනු ලබයි.

    ඡන්දය සමාන වුවහොත් තේරීම් භාර නිලධාරියා වන පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදු කෙරේ.

    මෙමගින් පත්වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ ‍ධුර කාලයේ ඉතිරි කාලය තුළ ජනපති පදවියේ සියලු වගකීම් දරනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img