අගෝස්තු පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ තැපෑල සම්බන්ධයෙන් සිදුකරන සේවා ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
මේ අතර අමෙරිකාව, නෙදර්ලන්තය , ඊශ්‍රායලය සහ රුසියාව යන රටවලට තැපැල් භාණ්ඩ භාර ගැනීම තවදුරටත් අත්හිටුවා තිබෙන බවද ඔහු සඳහන් කළේය.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.