නව ජනාධිපතිවරයකු තෝරාපත් කර ගැනීමේදී සහයෝගය පළකරන අපේක්ෂකයා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක මතය අද (19) ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා කිහිපයක්ම අද දිනයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ දේශපාලන පක්ෂ 10 යේ මතය අද (19) පස්වරුවේදී ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී එම මාධ්‍ය හමුව පැවැත්වේ.
මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය,ලංකා කම්කරු කොංග්‍රසය,දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද තමන් සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධ තීරණය අද ප්‍රකාශ කිරීමට නියමිතයි.
එමෙන්ම ඊ.පී.ඩී.පී සංවිධානය පවසන්නේ තම සහයෝගය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පළකරන බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පවසන්නේ තමන් කිසිදු අපේක්ෂකයකුට සහය පළ නොකරන බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ කැඳවා තිබේ.
තමන් කිසිදු අපේක්ෂකයකුට සහය පළ නොකරන බව එම පක්ෂය මීට පෙර කීය.
එහෙත් ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනපති ඡන්ද විමසීමේදී පක්ෂ තීරණයට එරෙහිව කටයුතු කරන බවට වාර්තා ලැබීම නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට මෙම විශේෂ මධ්‍යම කාරක සභාව කැඳවා ඇති බව වාර්තා වේ.