fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකයේ වැඩිම පිරිසකගේ නිවහන බවට ඉන්දියාව පත්වෙයි

    ලෝකයේ වැඩිම පිරිසකගේ නිවහන බවට ඉන්දියාව පත්වෙයි

    ලබන වසර වන ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට ඉන්දියාව පත්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

    ඒ අනුව මේවන විට ලොව වැඩිම ජනහනය වෙනසෙන රටවන චීනය අභිභවා යෑමට ඉන්දියාවට හැකිවනු ඇත. චීනයේ මේනව විට බිලියන 1.4 ජනතාවක් ජීවත්වන අතර ඉන්දියාව තුල බිලයන 1.35කට අධික ජනගතාවක් වාසය කරයි. ඒඅනුව ජගත් සංවිධානය විසින් නිකුත් කළ වාර්තාවෙන් අනුමාන කර ඇති අන්දමට ලබන වසරේදී ඉන්දියාව චීනය අභබවා යනු ඇත.

    මේ අතර මෙම වසරේ නොවැම්බර් මාසය වන විට ගෝලීය ජනගහනය බිලියන 8 ක් වනු ඇති බවද ජගත් සංවිධානය සඳහන් කරයි. කෙසේ වෙතත් ගෝලීය ජනගහන වර්ධන වේගය පෙර පැවති වේගයට වඩා විශාල වශයෙන් පහළ බැස ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

    ජගත් සංවිධානය පෙන්වා දෙන ආකාරයට වර්ෂ 1950 පසු වාර්තාවන පහළම ජනහන වර්ධන වේගය මෑත කාලයේදී වාර්තා වේ. එමෙන්ම වර්ෂ 2080 වන විට ගෝලීය ජනහනය බිලයන 10.4 ක් වනු ඇති බවටද සඳහන් වන අතර ඇතැම් ජනගන විද්‍යඥයින් පෙන්වා දෙන්නේ මෙම කඩඉම ඊට පෙර පසු කිරීමට ඉඩ ඇති බවයි.

    කෙසේ වෙතත් ජනගහන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය ජනහන වර්ධනය අසාමන ලෙස සිදුවන බවයි. ඒ අනුව ඉදිරි වසර 30 කාලයේදී ගෝලීය ජනගහන වර්ධනය මූලික වශයෙන්ම රටවල් 8ක් පදනම් කරගනෙ සිදුවනු ඇති බවටද ඔවුන් සඳහන් කරයි.

    එහිදී මෙම ජනහන වර්ධනය මූලික වශයෙන්ම කොන්ගෝ රාජ්‍යයේ, ඊජීප්තුවේ, ඉතියෝපියාවේ, ඉන්දියාවේ, නයිජීරියාවේ, පාකිස්ථානයේ, පිලිපීනයේ සහ ටැන්සානියාවේ සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

    මේ අතර ලොව සංවර්ධිත ආර්ථික වල දැනටතමත් ජනගහන පහළ යාමක් පෙන්නුම් කරයි. මෙම රටවල් සාඵල්‍යතා වේගය (එක් කාන්තාවක් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය) 2.1ක් දක්වා පහළ ගොස් ඇති බවද ජගත් සංවිධානය සිය වාර්තාවේ සඳහන් කර ඇත.

    මෙහිදී රටවල් 61ක ජනගහනය 2050 වන විට සියට 1කින් අඩවනු ඇති බවද අදාල වාර්තාවෙන් පෙන්නවා දෙනවා. මේ අතර ලොව රටවල් රැසක සාඵල්‍යතා අනුපාතය විශාල වශයෙන් පහළ බැස තිබේ. එහිදී ලොව පහළතම සාඵල්‍යතා වේගක් වාර්තාවන රටවල් කිහිපයට අතරට චීනයද ඇතුලත් වේ. ඒ අනුව එම අගය 1.15ක් වැනි පහළ අගයක පවතින බවද අනවරණයවේ.

    චීනය විසින් ලබන වසරේ සිට සිය ජනගහනයේ පහලළයාමක් සිදුවිය හැකි බව මෙම වසර මුලදී ප්‍රකාශයද පත්කළ අතර ඊට පිළියමක් වශයෙන් එක් පවුලකට දරුවන් තිදෙනෙකු බිහිකිරීමට අවසර ලබාදෙනු ලැබීය. ‍කෙසේ වෙතත් චීන ජනතාව මීට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා නොදුන් අතර එයට එරට තුල ඉහළ යන වියදම් මූලික හේතුවක්ව ඇත.

    එහෙත් ඉන්දියාව තුල මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් වාර්තාවන අතර එරට විශාල ජනගහන වර්ධනයක් මෑත කාලයේදී වාර්තාවිය.

    කෙසේ වෙතත් මේවන විට වෛද්‍ය විද්‍යාව අත්කරගෙන ඇති වර්ධනය හේතුවෙන් ඉදිරියේදී ගෝලීය වයස්ගත ජනගහනය වර්ධනය වනු ඇති බවත් 2050 වන විට ගෝලීය ආයු අපෙක්ෂාව අවුරුදු 77ක් දක්වා ඉහළයාමට හැකි බවද වාර්තාවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.