fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ මිලියන 6කට ඊළඟ ආහාර වේල ප්‍රශ්නයක් - WFP

    ශ්‍රී ලංකාවේ මිලියන 6කට ඊළඟ ආහාර වේල ප්‍රශ්නයක් – WFP

    නොනවතින් උද්ධමන තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.26 කට පමණ ඔවුන්ගේ මීළඟ ආහාර වේල සපයාගන්නේ කෙසේද යන්න පිළිබඳව අවිනිශ්චිත යැයි ලෝකයේ ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ වන නවතම තක්සේරුවකට හෙළිදරව් කරගෙන තිබේ.

    ලෝක ආහාර වැඩසටහන (WFP) අද නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.

    වාර්තාගත ආහාර මිල උද්ධමනය, අහස උසට නැඟෙන ඉන්ධන මිල සහ සීඝ්‍රයෙන් පැතිරෙන භාණ්ඩ හිඟය හමුවේ මෙම තත්ත්වය මතුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    මිල ගණන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් කරා ළඟා විය නොහැකි බැවින්, නිවාසවලින් 61%ක් පමණ තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම සහ වඩ වඩාත් අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය වැනි වියදම් කපා හැරීමේ සටනක නිරත බව ද එහි සඳහන් ය.

    ඇස්තමේන්තුවට අනුව පවුල් 200,000 කට මධ්‍යම හා දිගු කාලීන ප්‍රමාණවත් ආදායමක් ලබා ගැනීමේ අවස්ථා අඩුවී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආහාර සහන ඒජන්සිය අපේක්ෂා කරන්නේ අර්බුදය ගැඹුරු වන විට ඊටත් වඩා වැඩි පිරිසක් මෙම සටනට යොමු වනු ඇති බවයි.

    ආහාර අර්බුදයට සහ මන්දපෝෂණයට එහි බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා, ලෝක ආහාර වැඩසටහන විසින් ප්‍රාදේශීය සභා මගින් සපයනු ලබන ගර්භනී මවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සමඟින් දරිද්‍රතාවයෙන් පීඩනයට ලක්ව ඇති පවුල්වල ගර්භනී කාන්තාවන් සඳහා ඩොලර් 40 ක් වටිනා මාසික ආහාර වවුචර බෙදා හරිනු ලැබේ.

    එම වාර්තාවට අනුව වඩාත්ම ආහාර අනාරක්ෂිතව පවතින විශාල තේ වතු වැනි – ගොවි වතු අංශයේ වැඩ කරන ජනතාවගෙන් අඩකට පමණ ආහාර සුරක්ෂිතතා තත්ත්වය නරකම මට්ටමක පවතී.

    මෙම තත්ත්වයට පිළියම් යෙදීම සඳහා, පසුගිය මාසයේ WFP විසින් වඩාත් අවදානමට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයින් මිලියන තුනකට ආධාර කිරීම සඳහා ආහාර සහ පෝෂණය සඳහා ඩොලර් මිලියන 60 ක හදිසි ආයාචනයක් දියත් කරන ලදී.

    “මෙය මානුෂීය ව්‍යසනයක් වීමට පෙර අපි මේ දැන්ම ක්‍රියා කළ යුතුයි,” WFP ප්‍රධානී ඩේවිඩ් බීස්ලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය.

    අද වන විට, ඒ සතුව පවතින වවුචර 2,375 ක පළමු කාණ්ඩයෙන් සියයට 88 ක් ලබා දී ඇති අතර දෙසැම්බර් මාසය දක්වා මිලියන තුනක ජනතාවකට හදිසි ආහාර, පෝෂණය සහ පාසල් සඳහා ආහාර ලබා ගැනීමට යොදාගැනීමට ඉලක්ක කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.